26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් අල්ලයි

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් අල්ලයි

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ නීතිවිරෝධී දුම්වැටි 1180ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) අම්බලන්තොට පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී විදේශීය රටක සිට තීරුබදු රහිතව ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු රුපියල් 150,000කට ආසන්න වටිනාකමක් ඇති මැන්චෙස්ටර් දුම්වැටි 200 ක්, ආගෝස් දුම්වැටි 440 ක් හා ප්ලැටිනම් සෙවන් වර්ගයේ දුම්වැටි 540 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.