27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබයිඩන්ගේ ප්‍රකාශයට ඊශ්‍රායල අගමැතිගෙන් පිළිතුරු

බයිඩන්ගේ ප්‍රකාශයට ඊශ්‍රායල අගමැතිගෙන් පිළිතුරු

ආයුධ සැපයීම නතර කරන බවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පිළිතුරු ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අවශ්‍ය නම් ඊශ්‍රායලයට තනිව නැගී සිටිය හැකි බවයි.

අවශ්‍ය නම්… අපි තනියම හිටගන්නවා. මම කියලා තියෙනවා අවශ්‍ය නම් නියපොත්තෙන් හරි ගහමු කියලා,” යනුවෙන් ඔහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රෆා ආක්‍රමණය කළ හොත් කාලතුවක්කු උණ්ඩ ඇතුළු ආයුධ සැපයීම අත්හිටුවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ප්‍රකාශ කළා.

සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳ භීතිය මත එක්සත් ජනපදය දැනටමත් බෝම්බ තොගයක් නැව්ගත කිරීම නවතා තිබෙනවා.

නිරන්තර බෝම්බ ප්‍රහාර මධ්‍යයේ සහ ඊශ්‍රායල යුද ටැංකි ප්‍රදේශයට ආසන්න වීමත් සමඟ සඳුදා සිට 80,000 කට වැඩි පිරිසක් රෆා වෙතින් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව අගමැති නෙතන්යාහු මේ අදහස් පළ කර තිබුණා.