28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - ත්‍රිරෝද අනතුරෙන් අයෙක් ජීවිතක්ෂයට

බස් – ත්‍රිරෝද අනතුරෙන් අයෙක් ජීවිතක්ෂයට

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල, කයිලගොඩ ප්‍රදේශයේදී අද (10) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද දහවල් බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් සිවුදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වේල්ලදුරගේ ජෙමිස් නැමැති 79 හැවිරිදි අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

බදුල්ල සිට මහියංගණය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය මාර්ගය හරහා පනින ලද බල්ලෙකු බේරිමට තැත්කළ අවස්ථාවේ සිරිපුර සිට බදුල්ල දක්වා පැමි⁣ණෙමින් තිබූ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ රියදුරු සමඟ පස් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු කාන්තාවන් බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.