― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsරජයේ නිලධාරීන්ට ගෙනා වාහනවලින් බදු වංචාවක්

රජයේ නිලධාරීන්ට ගෙනා වාහනවලින් බදු වංචාවක්

2011 වසරේ සිට වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතල රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරනු ලබන අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දුන් තීරු බදු සහන බලපත්‍ර යටතේ නව බී.එම්. ඩබ්ලිව් වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බදු වංචාවක් සිදුවී ඇතැ‍යි සඳහන් කරමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම්කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනය පසුව අවසන් කෙරුණු අතර අදාල වාහන ආනයනයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බැවින් රේගු පනතේ 119 වගන්තිය යටතේ පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බවත් එහිදී එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කෙරුණු බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඊට එරෙහිව පෙත්සම්කාර සමාගම විසින් මීට පෙර නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණය විසින් අදාළ විමර්ශනය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

ඉන් අනතුරුව අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා 2022.10.22 දින පෙනී සිටින දන්වා ශ්‍රී ලංකා රේගුව වෙතින් තමන්ට කැඳවීමක් ලැබුණු බව පවසමින් පෙත්සම්කාර සමාගම විසින් අභියාචනාධිකරණයට මෙම නව රිට් පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස හිටපු රේගු නිලධාරී මුරුගේසු තයාබරන් ද ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර සමාගම විසින් ගොනුකර ඇති ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

එම නව පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී වග උත්තරකාර රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මානු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් නව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ධර්මවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම වාහන ආනයනය කිරීමේ සිද්ධියේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව පෙනී යන බව සඳහන් කළා.

ඒ අනුව නව විමර්ශනයක් පැවැත්වීම මගින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය බලය අභිබවා ගොස් කටයුතු කර ඇති බවට ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති නිසා අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.