රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමග එක්වීමට හෝ වෙන් වීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.
එළඹෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කොළඹ නෙලුම් මාවත පක්ෂ මූලස්ථාන පරිශ්රය ආසන්නයේ අද පෙරවරුවේ විවෘත කෙරුණා.