― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඉංග්‍රීසි පත්‍රය නිසා සිසුන්ට අසාධාරණයක් කරන්නෙ නෑ

ඉංග්‍රීසි පත්‍රය නිසා සිසුන්ට අසාධාරණයක් කරන්නෙ නෑ

මෙවර අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් කිසිඳු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.