― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකැරට් කැබැල්ලක් සිර වී දරුවා ජීවිතක්ෂයට

කැරට් කැබැල්ලක් සිර වී දරුවා ජීවිතක්ෂයට

අනුරාධපුර, සාලියවැව ප්‍රදේශයේදී කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් වයස අවුරුදු එකහමාරක දරුවෙකු මිය ගොස් තිබෙනවා.

දරුවාගේ මව කැරට් කැබලිවලට කපා ආහාර පිසීම සඳහා මේසයක් මත තබා ඇති අතර දරුවා මේසය මත තිබූ කැරට් කැබැල්ලක් ආහාරයට ගත් අවස්ථාවේ එය උගුරේ සිර වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

කැරට් කැබැල්ල දරුවාගේ උගුරේ සිරවීමෙන් පසු දරුවා නොච්චියාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී දරුවා මියගොස් තිබෙනවා.