― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදන්සැල් සඳහා අවසර ගැනීම අනිවාර්යයි

දන්සැල් සඳහා අවසර ගැනීම අනිවාර්යයි

වෙසක් සමයේ දන්සැල් පවත්වන්නේ නම් ඒ බව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලිඛිතව දැනුම්වත් කර නිසි ලෙස අවසර ලබාගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ එලෙස නිසි අවසර ලබා නොගන්නා පාර්ශ්වයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ක් පමණ යොදවා ඇති අතර දන්සැල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞක්ඛ්‍ය නීති රීති සම්බන්ධයෙන් ඔවුන් අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා දීමට නියමිතයි.

ඒ අනුව දන්සැලක් පැවැත්වීමට ස්ථානයක් තෝරා ගැනීම, ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම, ආහාර සකස් කිරීමට යොදාගන්නා උපකරණ, ආහාර පිසින පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර පිළිගන්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය, දන්සැල් කටයුතු අවසන් කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන පාර්ශව සඳහා පමණක් දන්සැල් පැවැත්වීමට අනුමැතිය ලබා දෙන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.