― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු යාපනය වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී යම් විනාශකාරී පිපුරුමක් සිදු කිරීමට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT) කිලෝ 03ක්, ග්‍රෑම් 145 ක්, RPG උණ්ඩ කොටස් 08 ක් සහ 60ම්ම් මෝටාර් උණ්ඩ කොටස් 12 ක් සන්තකයේ තබාගෙන සිටි 05 වන කොට්ඨාසය, මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය යාපනය කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙම පුද්ගලයාට කුමන ආකාරයකින් ලැබුනේද යන්න සහ කුමන අරමුණක් සඳහා මොහු මේවා සන්තකයේ තබාගෙන සිටියේද යන්න පිළිබද විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.