28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසිය මහ රෑ පැමිණ කතුන් තිදෙනෙක් රැගෙන යයි

පොලීසිය මහ රෑ පැමිණ කතුන් තිදෙනෙක් රැගෙන යයි

මහවිරු සැමරුම් සතියේ පළමු දිනය වූ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ මුල්ලිවයිකාල්හිදී කාන්තාවන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය, සාම්පූර් පොලිස් වසමේ සේනෙයියූර් ප්‍රදේශයේ මුල්ලිවයිකාල් හිදී කැඳ සැපයීමේ චෝදනාව යටතේ මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කමලේෂ්වරන් තෙන්නිලා, කමලේෂ්වරන් විජිතා සහ කාලිරාජා සුජා යන කාන්තාවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රියේ තුවක්කු රැගෙන පැමිණි පිරිමි සහ කාන්තා පොලිස් නිලධාරීන් විසින් අශෝභන ලෙස මොවුන් අත්අඩංගුවට ගෙන සාම්පූර් පොලිස් ස්ථානයේ රඳවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ හිටපු මුතූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රී හරිහරකුමාර් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලයේ මුල්ලිවයිකාල් ස්මාරකය අසළ මහවිරු සැමරුම් තහනම් කරමින් පොලිසිය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබීමද විශේෂත්වයකි.