― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබඹර දෂ්ඨනයෙන් දෙදරු පියා ජීවිතක්ෂයට

බඹර දෂ්ඨනයෙන් දෙදරු පියා ජීවිතක්ෂයට

කොටුගොඩ ප්‍රදේශයේදී බඹරු දෂ්ඨ කිරීමෙන් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි රද්දොළුගම පොලිසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි දෙදරු පියෙකි.

පොලීසිය පැවසුවේ කොටුගොඩ, රද්දොළුගම ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක බඹර කූඩුවක් කඩා වැටීමෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

ඉන් තුවාල ලැබූ පියා සහ දරුවන් දෙදෙනා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පියා මියගොස් තිබෙනවා.