ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගංවතුර හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
මේ හේතුවෙන් පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර තිබෙනවා.