― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsකෝටි 10ක ඇම්බර් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කෝටි 10ක ඇම්බර් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 10ක් පමණ වටිනා ඇම්බර් (තල්මස් වමනය) කල්පිටිය, කන්දල්කලි ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

වන්නතාවිල්ලුව පොලිස් විශේෂ ඒකකයට ලද රහසිගත තොරතුරක් මත පුත්තලම පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මෙම ඇම්බර් තොගය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් විසින් දැක ඇති අතර විකිණීමේ අරමුණින් ඉතා ආරක්‍ෂිත අන්දමින් රහසිගතව පොළවේ වළ දමා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඇම්බර් මුහුදෙන් ගෙන ආ බවට සැක පිට සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා නිවසේ වළ දැමූ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.