― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsජනාධිපතිවරණය පැවැත්වීමට මූල්‍ය ගැටලු‍වක් නැහැ

ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්‍ය ගැටලු‍වක් නැහැ

අයවැය මගින් මුලදීම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා අවධාරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවයි.

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලු‍කාරී වාතාවරණයක් පැවති කාල පරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේදී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍යව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩ ව නිසි කලට ලබා දීම මෙන්ම පාසල් වසා තැබීම නිසා අතපසුව පැවති අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැප වීමෙන් ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමඟම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා වැදිදුරටත් සඳහන් කළේ ඒ අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් ද අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බවයි.