28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඹර දෂ්ඨනයෙන් දෙදරු පියා ජීවිතක්ෂයට

බඹර දෂ්ඨනයෙන් දෙදරු පියා ජීවිතක්ෂයට

කොටුගොඩ ප්‍රදේශයේදී බඹරු දෂ්ඨ කිරීමෙන් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි රද්දොළුගම පොලිසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි දෙදරු පියෙකි.

පොලීසිය පැවසුවේ කොටුගොඩ, රද්දොළුගම ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක බඹර කූඩුවක් කඩා වැටීමෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

ඉන් තුවාල ලැබූ පියා සහ දරුවන් දෙදෙනා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පියා මියගොස් තිබෙනවා.