25.6 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක පාසැල් චෙස් ශූරයින් දිවයිනට

ලෝක පාසැල් චෙස් ශූරයින් දිවයිනට

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ මෙරට ශූරයින් අද (13) උදෑසන දිවයිනට පැමිණියා.

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා ලෝකයේ රටවල් 27 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 01ක්, රිදී පදක්කම් 01ක්, ලෝකඩ පදක්කම් 03ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සඳහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට සමත් වුණා.

මොවුන් අද (13) උදෑසන 08.23 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුනා.