― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentA 9 මාර්ගයේ රිය අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

A 9 මාර්ගයේ රිය අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

නුවර – යාපනය ඒ 9 මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28, 31 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බවයි මඩාටුගම පොලිසිය පවසන්නේ.

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් හා දඹුල්ල සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව තිබෙනවා.

මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති අතර, බස් රථයේ ගැටුණු යතුරුපැදිය බස් රථයේ යට සිරවී මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා තිබෙනවා. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ එම අවස්ථාවේ බස් රථයද ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල් යායකට පෙරළී තිබූ බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේදී මගීන් 40ක් පමණ සිට ඇති අතර අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නැහැ.

කෙසේනමුත් අනතුරට ලක්වූ යතුරුපැදියට බරපතළ හානි සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා දඹුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදීයි මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ (12) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අඹගහවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.