― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot News'කුඩු ශිරෝ' බඩුත් සමඟ මාට්ටු

‘කුඩු ශිරෝ’ බඩුත් සමඟ මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘කුඩු ශිරෝ’ නමැති කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත බොරැල්ල, සරණපාල හිමි මාවතේ නිවසක් වටලා සිදුකළ පරික්ෂාවේදීයි 46 හැවිරිදි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් තැන්පත් කර තිබූ බැංකු පොතක්, මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මීට අමතරව ඇය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3180ක්, ජාවාරමෙන් උපයා ගත් රුපියල් 95000ක මුදලක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය සන්තකයේ තිබූ ස්මාට් ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ ද විශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරියගෙන් රඳවා ගැනීමේ නියෝග මත මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතයි.