― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsග්‍රාමසේවක වැඩ වර්ජනයෙන් ජනතාවට පීඩා

ග්‍රාමසේවක වැඩ වර්ජනයෙන් ජනතාවට පීඩා

නෝර්වුඩ් සහ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවා නිලධාරින් අද, හෙට සහ අනිද්දා (14,15,16) යන තෙදින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙනවා.

මේ හේතුවෙන් එම ග්‍රාමසේවා නිලධාරි කාර්යාල වසා දමා ඉබි යතුරුද දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පනාපිටිය දකුණ ග්‍රාමසේවා වසමේ ග්‍රාමසේවා නිලධාරිනියට සහල් ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් එම වසමේ පදිංචි කාන්තාවක් විසින් පහර දුන් සිද්ධියක් පදනම් කර ගනිමින් එයට විරෝධය පා ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වනවා.