― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපොලිතින්වලින් වෙසක් සැරසිලි කළොත් දඬුවම්

පොලිතින්වලින් වෙසක් සැරසිලි කළොත් දඬුවම්

වෙසක් සමයේ සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙනවා.

පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට දැකගත හැකි බවයි එම අධිකාරිය පැවසුවේ.

අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිඑතිලින් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර එය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පෙන්වා දෙන්නේ.

ඒ අනුව වගකීමක් කොට සලකා හැකි සෑම අවස්ථාවකදීම පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.