28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඕට්ටමාවඩි සිට මඩකලපුව දක්වා මෝටර් රථයකින් මත්පෙති රැගෙන ආ පුද්ගලයෙකු මඩකලපුව දුම්රිය මාර්ගයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී මත්පෙති 1440ක් සහ ජාවාරමට යොදාගත් මෝටර් රථය අත්අඩංගුවට ගත් බවයි මඩකලපුව පොලිසිය පවසන්නේ.

මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය හා එක්ව මඩකලපුව දුම්රිය හරස් මාර්ගයේ සිදු කළ හදිසි වැටලීමකදීයි මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත්තේ.

අදාළ මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී මත්පෙති තොගය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෝටර් රථය විශේෂ කාර්ය බළකාය වෙත භාරදී ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.