― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsයුක්තියෙන් තවත් අපරාධකරුවන් 728 ක් කොටු

යුක්තියෙන් තවත් අපරාධකරුවන් 728 ක් කොටු

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමෙන් ගතවූ පැය 24 තුළ අපරාධකරුවන් 728 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 685 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 43 ක් සිටින බවයි.

ඒ අනුව මොවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 248 යි මිලිග්‍රෑම් 709ක්, අයිස් ග්‍රෑම් 196 යි මිලිග්‍රෑම් 9ක්, ගංජා කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 674ක්, කොකේන් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 7ක්, මාවා කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 559ක්, ඈෂ් ග්‍රෑම් 64 යි මිලිග්‍රෑම් 17ක්, කුෂ් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 68ක්, මදන මෝදක ග්‍රෑම් 32 යි මිලිග්‍රෑම් 81ක් හා තූල් ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 91ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 685 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 ක්, රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 29 ක්, වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් 10 ක් හා පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 20 ක් ද සිටිනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 43 දෙනා අතර, විෂ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 38 ක් හා විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විවෘත වරෙන්තුකරුවන් 01 ක් ද, බාල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් 04 ක් ද සිටී.

පාතාලය මැඩලීමේ යුක්තියේ මෙහෙයුම යටතේ ඊයේ (13) ලේඛනගත පාතාල අපරාධකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව 2024.03.19 වැනි දිනෙන් ආරම්භ කළ පාතාල මෙහෙයුම්වලදී ලේඛනගත පාතාල අපරාධකරුවන් 402 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.