32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුංගල්ලේ වෙඩි තැබීමට 'ආදරේ' අල්ලයි

අහුංගල්ලේ වෙඩි තැබීමට ‘ආදරේ’ අල්ලයි

පසුගිය 08 වැනිදා අහුංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට වෙඩික්කරු හට ආධාර අනුබල ලබා දුන් අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයෙක්.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේදී සිදු කළ හදිසි වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී මොහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1,150 ක් හමු වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.