28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාළු ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි

පාළු ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ ළිඳක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මතුගම ප්‍රදේශයේ පාළු ළිඳක පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද දුරකථන ඇමතුමක් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවයි.

එහිදී වැල්කන්දල ප්‍රදේශයේ මෙම පාළු ළිඳේ තිබී වයස අවුරුදු 29 පමණ වන තරුණයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මොහු මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ. ඔහුගේ ඥාතීන් මේ වනවිට මළ සිරුර හඳුනාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ සවස නිවසින් අතුරුදහන් බවට මතුගම පොලිසියටද පැමිණිල්ලක් ද ලැබී ඇති අතර මෙම තරුණයාට සුළු මානසික ආබාධ තත්ත්වයක් ද තිබූ බවයි ඥාතීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.