යාපනයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ රසායනාගාරයක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සුන්නාගම් පොලිස් වසමට අයත් ඉනුවිල් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
යාපනය දිස්ත්‍රික් පොලිස් අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු රහසිගත තොරතුරක් මත ඔවුන් විසින් පසුගියදා (12) මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගත් ද්‍රව්‍ය ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. නිවස වැටලූ පොලීසිය නිවසට සීල් තබා ඇති අතර කොළඹින් රසායනික විශ්ලේෂකයින් ගෙන්වා විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම යාපනය දිස්ත්‍රික් පොලිස් අපරාධ ඒකකය භාරයට ගෙන තිබෙනවා.
කෙසේනමුත් ප්‍රධාන සැකකරු පළා ගොස් ඇති අතර එහි සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




