25 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) උදෑසන දිවයිනෙන් පිටව ගියා.

මොවුන් අද උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 651 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජූනි මස 01 වැණිදා සිට ජූනි 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 13 දෙනෙකු, අතිරේක ක්‍රීඩකයින් 04 දෙනෙකු සහ කළමනාකරුවන්, පුහුණුකරුවන්, වෛද්‍යවරුන්, භෞත චිකිත්සකයින් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙලෙස අද දිවයිනෙන් පිටත්ව යනවාඅ.