32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි

ජුනි 01 වැනිදා සිට ජූනි 29 වැනිදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිය සුබපැතුම් ද පිරිනැමීය.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

වසර ගණනාවකට පසු රග්බි ක්‍රීඩාව තුළ අත්කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බව පැවසු ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත ද සිය සුබපැතුම් පිරිනැමීය.