― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsදෙවසරකදී හොරු ඇල්ලීමට නීති රැසක්

දෙවසරකදී හොරු ඇල්ලීමට නීති රැසක්

පසුගිය වසර දෙක ඇතුළත හොරු ඇල්ලීම සඳහා නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක් වූ ආණ්ඩුව විසින් ම හොරු අල්ලන නීති රැසක් ගෙන ආ බවයි.

එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පළපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.