27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර දැරියක් දූෂණය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් දූෂණය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මඩකලපුව, වැල්ලවේලි ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 සහ 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් බවයි වැල්ලවේලි පොලීසිය පැවසුවේ.

එම ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පසුගිය 07 වැනිදා සිය මිත්තණියගේ නිවසට ගොස් නැවත තනිවම තම නිවසට පැමිණෙමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු අසළ කැලෑවකදී දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.

වින්දිත දැරිය මේ බව දෙමාපියන්ට පැවසීමෙන් පසු ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.