― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට සජිත්ගෙන් තිත

මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට සජිත්ගෙන් තිත

අද වනවිට මත්පැන් බලපත්‍ර ලබා දීම බරපතල දේශපාලන සූදුවක් බවට පත්ව ඇති බවත් මේ තුළින් ඡන්ද හැදී මුදල් ලැබුණත් රටටත් ජනතාවටත් තරුණයන්ටත් සෙතක් නොවන බවත් දේශපාලනඥයන් රෝහල්වලට උපකරණ දීම විවෘත කරනවා සේම මත්පැන් මත්කුඩු නිසා හානිය ගැන එළිපිට කතා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ හුස්ම වැඩසටහනේ 60 වැනි අදියර යටතේ මහර මල්වතු හිරිපිටිය රෝහලට රුපියල් 1,300,000 ක් වටිනා Mini Autoclav 1 හා Pulse Oximeter 1 පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අද වනවිට දුම්කොළ සමාගම් බලවත් වී ඇති බවත් මේ සමාගම්වලට ඕනැම ප්‍රබලයෙක් මුදලට ගෙන තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු පැහැර හරින බවත් මුදල් බලය තිබු පමණින එය උපයෝගී කර ගෙන බදු පැහැර හරිනවා පමණක් නොව රටේ ජනතාවත් දරු පරපුරත් තරුණ පරපුරත් මරණ මංචකයට යවන බවත්ය.

මේ ගැන දරුවන් දැනුවත් කළ යුතු බවත් වැඩිහිටියන් මෙවැනි දේවල් කළත් තරුණ පරපුරත් දරු පරපුරත් මින් මුදවා ගත යුතු බවත් මේ ගැන තිත්ත ඇත්ත සත්‍ය කතා කළ යුතු බවත් ඡන්ද ලැබෙනවා කියා වයින් බියර් බලපත්‍ර බෙදා හරියන්නේ නැති බවත් මේ වනවිට ආගමික සිද්ධස්ථාන ළඟ පවා බියර් බලපත්‍ර දෙන බවත් උද්ඝෝෂණ කළත් ඒවා නොතකා මෙවැනි බලපත්‍ර දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

කවුරු මොන දේ කළත් වචනයේ පරිසමාප්තියෙන්ම මත්පැන් දුම්වැටි තුරන් කරන බවත් එය කරන්නේ දරු පරපුර සහ මව් පරපුර කේන්ද්‍ර කර ගෙන බවත් ආධාර ලබා දෙන්නෙත් ගෘහණිය කේන්ද්‍ර කර ගෙන බවත් එය පවුලේ දියුණුවට හේතුවක් වන බවත් ඔවුන් වයින් ස්ටෝර්ස් යනවාට වඩා දරුවන්ගේ දියුණුවට එම මුදල් යොදවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මේවා කියද්දි ඡන්ද නැති වෙන්න පුලුවන් බවත් හෘදසාක්ෂියට එකඟව කතා කළ යුතු බවත් දරුවන්ට නිසි රැකවරණය ලබා දෙන වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මැතිවරණ කාලයේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි උවදුරෙන් තරුණ පරම්පරාව බැහැර කරන බවත් මතට තිත යනුවෙන් විවිධ ව්‍යාපාර දියත් වුවත් පාසල් සමයේ සිට විවිධ ව්‍යාපෘති හරහා මූලාරම්භයේ සිට හැකිතාක් දුරට අමද්‍යප ප්‍රතිපත්ති ප්‍රගුණ කරන්න කැපවිය යුතු බවත්ය.