― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශම්මි සිල්වාට වාරණ නියෝගයක්

ශම්මි සිල්වාට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උපදේශකවරයෙකු වන අනුර වීරසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත අද (15) වාරණ නියෝගයක් නිකුත් කළා.

අනුර වීරසිංහ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව මාධ්‍යා සාකච්ඡාවක් පවත්වා තම සේවා දායකයා කරුණු හෙළිදරව් කළ බව සඳහන් කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් තම සේවා දායකයාගේ සේවය නීති විරෝධී ලෙස අත්හිටුවීමට කටයුතු කළ බවත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

නීතියට පටහැනි ආකාරයෙන් සිදුකෙරෙන එම විනය පරීක්ෂණය අත් හිටුවන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය ලබන 29 වනදා දක්වා බල පැවැත්වෙන බවත් නියෝග කළා.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විත්තිකරුවන්ට නොතීසි යවන ලෙසත් විනිසුරුවරයා කළ නියෝගයේ සඳහන් වුණා.