― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසා පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

සා පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ (14) නිවසින් පිටව ගිය සිසුවියන් දෙදෙනෙක් නැවත නිවෙස් වෙත නොපැමිණීමේ පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ සිසුවියන් දෙදෙනාගේ මවුපියන් විසින් මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මොවුන් දෙදෙනා ඊයේ (14) උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර විභාගය ආරම්භ කිරීමට පෙර විභාග මධ්‍යස්ථානය අසළ කතා කරමින් සිට ඇති අයුරු පාසලේ සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබෙනවා.

කෙසේනමුත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවයි.

මෙලෙස අතුරුදන් වූ ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය, නාගස්තැන්න යන ප්‍රදේශවල පදිංචි මෙම සිසුවියන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.