29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩු මහලෙන් වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

උඩු මහලෙන් වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් නිවසේ ඉහළ මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම කාන්තාව ඊයේ (14) දහවල් වේලීමට දමා තිබූ ඇඳුම් ඉවත් කිරීමට නිවසේ ඉහළ මහලට ගිය අවස්ථාවේ ඉන් බිමට ඇද වැටී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ, නාරංවිට, පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නැමැති 35 හැවිරිදි දෙදරු මවක්.

අප වාර්තාකරු පැවසුවේ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) ගම්පොළ ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිත බවයි.