― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමිනිස් ජාවාරමට තරාතිරම නොබලා දැඩි දඬුවම්

මිනිස් ජාවාරමට තරාතිරම නොබලා දැඩි දඬුවම්

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ඉදිරියේ උපරිම දඩුවම් පමුණුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත්ය.

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දිනවල රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පළමුව අවධාරණය කළ යුතුව ඇත්තේ මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණුවන බවයි. ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 288ක් පමණ ලැබී තිබෙනවා. ඊට ආදළව මිනිස් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා තිබෙනවා. ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි. එහිදී ඉහළ වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට ගොදුරුවූවන් රැල්ලක් ලෙස ඊට හසුව තිබෙනවා. ඒ නිසා මෙවැනි රැවටීම් වලට හසු නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම මිනිස් ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ඇත්නම් ඒවා 0112 401 146 අංකයට අමතා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී යුද්ධයෙන් මරණයට පත් වූ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන්ගේ වැටුප් හා දීමනා වයස අවුරුදු 55 ඉක්මවා ලබා දීමට තීන්දු කර තිබෙන බව ද සඳහන් කළ යුතුයි. වයස අවුරුදු 55න් පසුව ඔවුන්ට වැටුප හෝ විශ්‍රාම වැටුපක් හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිව තිබූ දුෂ්කරතාව පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවට පමණක් සීමා වී තිබූ මෙම සහනය සිවිල් ආරක්ෂක නිළධාරීන්ට ද ලබාදිය යුතුව තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වනවා.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදාවෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් නොවී සේවය හැර ගිය පිරිස් වෙනුවෙන් ලබාදුන් පොදු සමා කාලය මේ මස 20 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. පොදු සමාව ලබාගැනීම සඳහා දැනට 15,000ක් පමණ ඉදිරිපත්ව සිටිනවා. 2024 මාර්තු මාසයේ දී හමුදාවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය සංඛ්‍යාව 357ක් ලෙස වාර්තා වී තිබෙන බව ද සඳහන් කළ යුතුයි. එසේම නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිට නැවත සේවයට වාර්තා කළ ප්‍රමාණය 799ක් ලෙස වාර්තා වනවා. මෙය සුවිශේෂී තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි.

තවද රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමේ දී සහන සලසා දීමටත් එය කඩිනම් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා තිබෙනවා. උරුමය වැඩසටහනට සමගාමීව සිදුවන මෙම කර්තව්‍ය සඳහා ඉඩම් අමාත්‍යාංශය ද ඉහළ දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙය රණවිරු සුබසාධනය වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරක් බව සඳහන් කළ යුතුයි.”