29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි සමඟ තරුණයෙක් අත්අඩංගුවට

හොරෙන් ගෙනා දුම්වැටි සමඟ තරුණයෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (14) රාගම පොලිස් වසමේ අංක 835/2, කැටගේවත්ත පාර, රාගම ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිටදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද Manchester වර්ගයේ දුම්වැටි 1,580 ක් හා Argos Switch වර්ගයේ දුම්වැටි 20 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙකි.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.