― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි සතියේ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින ‘පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ’ හේතුවෙන් ඉදිරි දිනවලදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර, සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තද වැසි සහ තද සුළං ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.

මහ ජනතාව, ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.