― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබිරිඳගේ මරණයට සැක පිට සැමියා අත්අඩංගුවට

බිරිඳගේ මරණයට සැක පිට සැමියා අත්අඩංගුවට

යාපනය තාලයඩි ප්‍රදේශයේදී කාන්තාවක් අපයෝජනයට ලක් කර ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්කසන්තුරේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරුතංගේනි පොලිසියට භාරදී ඇත.

පසුගිය 10 වැනිදා මරුතංගේනි පොලිස් වසමට අයත් උඩුතුරෙයි තාලයඩි ප්‍රදේශයේදී කාන්තාවක් අපයෝජනය කර ගෙල සිරකර ඝාතනය කර තිබුණා.

මසුන් ඇල්ලීමට ගොස් අලුයම නිවසට පැමිණෙන විට තම බිරිඳ වැසිකිළිය ඉදිරිපිට මියගොස් සිටිනු දැක ඇති බව එම කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබුණා.

ඔහුගේ පැමිණිල්ලෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව අපයෝජනය කර, ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි තිදරු මවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා නිතර ගැටුම් ඇතිකරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වීම හේතුවෙන් 52 හැවිරිදි සැමියා ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.