― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsස්ලෝවැකියානු අගමැතිට වෙඩි

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝට බ්‍රැටිස්ලාවා ජීවිත අවදානමෙන් මිදී ඇති බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසනවා.

බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලෝවා හිදී අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට මිනිසුන්ට ආචාර කරමින් සිටියදීයි.

එහිදී බරපතල තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර මේ වනවිට ඔහු ජීවිත අවදානමෙන් මිදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අග්‍රාමාත්‍යවරයාට වෙඩි ප්‍රහාර 05ක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, තහවුරු නොකළ දේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු 71 හැවිරිදි ලේඛකයෙකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ස්ලෝවැකියාවේ මහජන විකාශන ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනාවක් ගෙන ඒමත් සමග වන අතර, ඊට එරට ජනතාව විරෝධය පළ කරනවා.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබීමේ පුවත වාර්තා වීමත් සමග විපක්ෂයේ නායකත්වයෙන් සැලසුම් කර තිබූ විරෝධතාවක් අත්හිටුවීමට පියවර ගත්තා.