― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහොරෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට

හොරෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට

වඩමාරච්චි, මාමුනෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා.

ඒ අනුව වෙත්තලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊයේ අලුයම සිදුකරනු ලැබූ හදිසි වැටලීමේදී මාමුනෙයි මුහුදු ප්‍රදේශයේදී මොවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිව්දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය නාවික හමුදා කඳවුර වෙත භාර දීමට නියමිතයි.