30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලැබූ දැරියක් ජීවිතක්ෂයට

ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලැබූ දැරියක් ජීවිතක්ෂයට

පසුගියදා දියතලාව, ෆොක්ස් හිල් ධාවන පථයේදී සිදු වූ මාරක රිය අනතුරෙන් තුවාල ලැබූ දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය අප්‍රේල් 21 වැනිදා දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේදී ආරම්භ වූ ධාවන තරගය අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වුණා.

එම අනතුරෙන් තුවාල ලැබූ මෙම දැරිය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ (15) රාත්‍රියේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දියතලාව, ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සත්දරණී කාවිෂ්කා නැමැති දැරියක් බවයි පොලීසිය පැවසුවේ.