29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුදන් වූ සා පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

අතුරුදන් වූ සා පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

පසුගියදා (14) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නිවසින් පිටව ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවියන් දෙදෙනා හමු වී තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදීයි.

කෙසේනමුත් ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානය වෙත පසුගියදා (14) උදෑසන විභාගයට පෙනී සිටීමට ගිය සිසුවියන් දෙදෙනා විභාගයට පෙනී නොසිට කිසිවෙකුට නොදන්වා එදින නිවසට නොපැමිණි නිසා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කර තිබුණි.

රැකියාවක් සොයාගැනීමේ අපෙක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත් පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් ඊයේ (15) රාත්‍රියේ ඒ බව තම දෙමව්පියන්ට දැනුම් දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

කඩුවෙල ප්‍රදේශයේ සිට එම පාසල් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ ඥාතින් විසින් අද (16) ගිනිගත්හේන පොලිසිය වෙත රැගෙන විත් ඥාතින් වෙත භාරදීමට නියමිතයි.