26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරී වර්ජනයෙන් ජනතාව කබලෙන් ලිපට

ග්‍රාම නිලධාරී වර්ජනයෙන් ජනතාව කබලෙන් ලිපට

ග්‍රාම නිලධාරීන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ස්වභාවික මරණ සඳහා ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමට නොහැකිව ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද (16) පානදුර, පරත්ත බටහිර 672 ඩී ග්‍රාම නිළධාරී වසමේ වයෝවෘද්ධ පුද්ගලයකු මියගොස් ඇති අතර එම මෘතදේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකර ගැනීමට නොහැකිව ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

එම පුද්ගලයාගේ නිවසේ උදවිය ප්‍රදේශය භාර ග්‍රාම නිධාරීවරයා සොයා ගාම නිලධාරී කාර්යාලයට ගොස් ඇතත්, එම ග්‍රාම නිලධාරී කාර්යාලය වසා දමා ඇති අයුරුයි ඔවුන්ට දැකගත හැකිව ඇත්තේ.

කෙසේවෙතත් පානදුර උතුර පොලිසියේ නිලධාරී මහතෙකු එම ස්ථානයට පැමිණ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකි විය.