29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත්පෙති හා අයිස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

මත්පෙති හා අයිස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසනවා.

ඒ අතර සැකකාරියක් ද වනවා.

ඊයේ (15) කල්පිටිය – සින්නකුඩිරිප්පුව, කුරක්කන්හේක සහ නොරොච්චෝලේ යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදීයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.

ඒ අනුව කල්පිටිය – සින්නකුඩිරිප්පුව ප්‍රදේශයේ නිවසක තිබී PREGAM සහ NCVAPREG නමින් හදුන්වන මත්පෙති 7000 ක් සමග 24 හැවිරිදි තරුණයෙකු කල්පිටිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලීසිය හමුවේ පවසා තිබුණේ තමන් සතුව තිබී පොලිස් බාරයට ගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 21 ක් පමණ වන බවයි.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200 ක් සමග සැකකාරියක්ද කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකාරියගෙන් ලද තොරතුරු අනුව නොරොච්චෝල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2280 ක් සමඟ කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු පොලිස් නිලධාරියෙකු බවයි අනාවරණය වී ඇත්තේ. පොලිස් සේවයේ නිරත වෙමින් සිටියදී ගංජා අලෙවි කිරීමේ චෝදනාව හේතුවෙන් සැකකරු සේවයෙන් පහ කර ඇති අයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ සැකකාරිය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.