23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහිඟුරක්ගොඩ හෝටලයක් පිටුපස මළ සිරුරක්

හිඟුරක්ගොඩ හෝටලයක් පිටුපස මළ සිරුරක්

හිඟුරක්ගොඩ නගරයේ වසා දමා ඇති හෝටලයක් පිටුපස තිබී මීට දින තුනකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙම හෝටලට පිටුපස පැරණි සුසාන භූමියක් පිහිටා ඇති අතර එහි තිබියදීයි මොහුගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා එම ප්‍රදේශයම පදිංචිකරුවෙක් වන අතර ඔහු මෙම සුසාන භූමියට ගියේ කුමන කරුණකටද යන්න සැකයක් පවතින බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ‍පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාට වරෙන්තුවක්ද තිබී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ අජිත් සමන්ත සෙනෙවිරත්න නැමැති 53 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.