23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට

හොරෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් අත්අඩංගුවට

වඩමාරච්චි, මාමුනෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා.

ඒ අනුව වෙත්තලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊයේ අලුයම සිදුකරනු ලැබූ හදිසි වැටලීමේදී මාමුනෙයි මුහුදු ප්‍රදේශයේදී මොවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිව්දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය නාවික හමුදා කඳවුර වෙත භාර දීමට නියමිතයි.