29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධි රුධිර පීඩනය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

අධි රුධිර පීඩනය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා.

මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයට ‍ගොදුරු වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් පැවසුවෙඋ අධිරුධිර පීඩනය යනු මෙරට බෝ නොවන රෝග අතරින් බහුලව දැකිය හැකි රෝගයක් බවයි.

අධි රුධිර පීඩනය වැළදීමෙන් වැළකීමට සඳහා යහපත් ආහාර රටාවක් හා ව්‍යායාම අත්‍යවශ්‍ය බව පැවසූ වෛද්‍යවරිය අවධාරණය කළේ මාස කිහිපයකට වරක් හෝ රුධිර පීඩනය මැන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හොත් හදිසි මරණ රැසක් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි.