27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුංගල්ලේ වෙඩි තැබීමට අයෙක් අල්ලයි

අහුංගල්ලේ වෙඩි තැබීමට අයෙක් අල්ලයි

පසුගියදා අහුංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කලුහත් නදීෂ් අබෘ නොහොත් ‘බබා’ යන අයට පසුගියදා (10) අහුංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයේ වෙඩික්කරුවන් මෙහෙයවීම සහ සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙක්.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (16) අහුංගල්ල පොලිස් වසමේ අල්ලිය දේවාලය, ගල්වෙහෙර, අහුංගල්ල යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී පසුගියදා අහුංගල්ලේ මනුෂ්‍යයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරුවන් හා මනුෂ්‍ය ඝාතනය මෙහෙයවන ලද කලුහත් නදීෂ් අබෘ නොහොත් බබා යන අයවළුන් හට දුරකථන මාර්ගයෙන් තොරතුරු ලබා දී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ජංගම දුරකථන 02ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.