25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි පහක ජංගම දුරකථන තොගයක් ගුවන්තොටේදී අල්ලයි

කෝටි පහක ජංගම දුරකථන තොගයක් ගුවන්තොටේදී අල්ලයි

නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ජංගම දුරකථන තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා විසින් නීතිවිරෝධී ලෙස මෙම දුරකථන තොගය හා පෙන් ඩ්‍රයිව් තොගයක් ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම දුරකහන තොගයේ වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා 24 හැවිරිදි කොළඹ – 14 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා අද අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.