30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගසක් කඩා වැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

ගසක් කඩා වැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

අනුරාධපුර – නුවර මාර්ගයේ දී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේදී අද (17) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (17) උදෑසන 7.30ට පමණ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

මෙම නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදීයි මාර්ගය අසළ තිබූ ගසක් මෙලෙස ඔවුන් මතට කඩාවැටී ඇත්තේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.