― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsප්‍රසන්න රණවීර වරද පිළිගනී

ප්‍රසන්න රණවීර වරද පිළිගනී

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණියා.

කටුනායක ගුවන් තොටුපොළේදී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහායි රාජ්‍ය අමාත්‍යවරයා අද මෙලෙස පොලීසියට පැමිණියේ.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා තමන් ගුවන් තොටුපොළ සේවකයෙක්ට පහර දුන් බවට පිළිගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතීන් කිහිපදෙනෙකු විදෙස්ගතවීම සඳහා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර තිබුණා.